නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ජාතියක ජීවනාලිය වන්නේ ශිෂ්‍ය පරපුරයි.මාර/රදම්පොල ශ්‍රී සුමංගල විදුහල් මාතාව ජාතියට ජීවය දෙමින් ස්වකීය දරුකැල සහජීවනයෙන් පරිපුර්ණ වූ ජාතික ආර්ථිකයට සක්‍රීයව දායකවන සහකම්පනයෙන් හෙබි මානව දයාවෙන් යුතු අයවලුන් කිරීමේ වෙහෙසකර මෙහෙවරක නිරතවෙයි.රදම්පල නොව මුළු ධරණී තලයම එකලු කරනා නිපුණතාවෙන්ද මානවීය ගුණාංගයෙන්ද සපිරුණු විශ්වීය දූ පුතුන් පිරිසක් දායාද කරනු වස් සියලු බාදක කම්කටොලු ජයගනිමින් නොනිමෙනා ගමනක යෙදෙන විදුහල් මාතාවට පෙරගමන් කරුවෙකු වීමට මාගේ අභිප්‍රායයි
-- N.වත්සලා වර්ණකුලගේ.---