
කුඩා ගම්මාන 18කින් සමන්විත ඌරුගමුව ඓතිහාසික වැදගත්කමක් ඇති ඉපැරණි ගමකි. අනුරාධපුර යුගය දක්වා දිවෙන ඉතිහාසයක මගසලකුණු ඇති බව පෙනේ. බඔරැන්ද , දංදෙනිය , ගැටමාන්න , වලකන්ද , අම්බල , ගලගම , වේහැල්ල යන ගම්වලට මැදිව ඌරුගමුව පිහිටා තිබේ . ගමේ උසම ප්‍රදේශය වූ බෝදරකන්ද කදු මුදුනින් පටන්ගෙන ගල්පර අතර තෙරපී දියරැලි නංවමින් නිල්දිය දහරක් සේ ගම මැදින් ගලා ගිය ඌරැගම් ආර ඔස්සේ වැටී තිබූ එබකන්දපාර අතීතයේ දී දික්වැල්ල යාම්-ඊම් කළ ප්‍රධාන මාර්ගය විය.
රදම්පොල පාසල 1895 පමණ වන විට ඌරුපමුව ප්‍රදේශයේ පාසලක් ලෙස පැවතියේ දික්වැල්ල මෙතෝදිස්ත පාඨශාලාවයි 1900 පමණ වන විට බෝදර කන්ද හන්දිය අසල පිහිටි ඉස්කෝල කොරටුව නමැති ඉඩමේ කුඩා පාසලක් ආරම්භ කොට තිබේ. ෆොන්සේකා මහතා නමැති නම් වූ ක්‍රිස්තියානි ආගමිකයකු විසින් එහි ඉගැන්වීම් කර ඇත. පසුව එහි ආසන්නයේ පිහිටි දෙනිමුල්ල නමැති ඉඩමේ ගොඩනැගිල්ලක් සාදා මෙතෝදිස්ත පා්‍යශාලාව යන නමින් පවත්වාගෙන ගොස් තිබේ . ඌරැගමුව හා අවට ගම්වල ළමයින් ඉගෙනගනු ලැබුවේ මෙම පාසලෙනි. 1910 වර්ෂයේදි රදම්පොල විහාරස්ථානයේ සිිට හීල්ල පන්සලේ පැවති පිංකමට දන්පෙරහැරක් ගිය අතර පාසල් ලමුන්ද එයට සහභාගි වී ඇත. පාසල් නොගොස් සිටි දන්පෙරහැරට සහභාගි වු ලමුන්ට ෆොන්සේකා මහතා දඩුවම් කලේය. එය දැනගත් ශ්‍රී සුමංගල රතනජෝති සංවේගයට පත්ව පන්සලේ ඉස්කෝලයක් පටත්ගන්නවා යනුවෙන් පවසා ඇත.
ගුරුවරු හා පොතපත සොයා ගැනිමට නොහැකි වූ කාලයක ඕමල්පේ පොඩි මහත්තයා නම් වූ ගුරුවරයා සමග රතනජෝති හාමුදුරුවෝ රදම්පොල ඥානෝදය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව යන නමින් පාසල ආරම්භ කර සිසුන් වැඩි වූ හෙයින් නාගොඩවත්ත ඉඩමේ ගොඩනැගිල්ලක් තනවා පාසල එතැනට රැගෙන යන ලදී. 1912දී ආධාර ලබන පාසලක් ලෙස ලියාපදිංචි කර 1912 අප්‍රේල් 2 මුතුකුමාරණ නම් වූ මහතා මුල් ගුරැ තනතුරට හා පී.ටී ලියනගේ මහතාද ගුරැ මණ්ඩලයට එක් විය.
1916දී ඇම්.ආර් ආර්නෝලිස් සිල්වා මහතා මුල්ගුරු තනතුරට හා 1817 මැයි 08දින සිට ඩබ්ලිව්.ඩී.සී.ගුණපාල මුල්ගුරු බවට පත්ව 1918 අප්‍රේල් 23දින අස්වීමත් සමග සී.ඒ ද සිල්වා මහතා මුල්ගුරු ලෙස හා 1919 ජුනි 09වන දින සිට ඩී.හේවාවිතාරණ මුල්ගුරු තනතුරට පත් විය. 1929 සිට එච්.පී.ඊ. වීරසිංහ නමැත්තා පාසල් කලමණාකරණය කර පසුව පාසල රදම්පල පාසල බවට පත් විය. වේහැල්ල හා බෝදරකන්දේ ද පාසල් 2ක් ආරම්භ විය. මේ අතරතුර සියලුම පාසල් නඩත්තු කිරීම නිසා නාගොඩවත්තේ පාසල ඉවත් කරගන්නා ලෙස රතනජෝති හිමියන්ගෙන් බල කර සිටි අතර මේ අර්බුධ හමුවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවද නියෝග කරන ලදී. එම හේතුවෙන් පාසල ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙන යන බව පවසා පතනිගහවත්ත ඉඩමේ හිමිකරුවන් හමු වී ගමේ දායකාරකාදීන් හමු වී ඉඩම එළි පෙහෙලි කර අඩි 120x20 තාවකාලික ගොඩනැගිල්ලක් තනවා 1935 සැප්තැම්බර් 02වන දින පාසල එම ගොඩනැල්ලට රැගෙනවිත් එහි ඉගැන්වීම් කටයුතු සිදු කලහ.1937 වන විට එය අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් බවට පත්ව අද ශ්‍රී සුමංගල ශාලාව නමින් හැදින්විනි.
1945දී තවත් ආදී ශිෂ්‍යයන් කිහිපදෙනෙකු ගුරු මණ්ඩලය සදහා එක් විය.පසුව පාසල වෙනුවෙන් මෙතරම් සේවයක් කල ශ්‍රී සුමංගල රතනජෝති හිමියෝ 1949 ජුනි 29දින අපවත් විය. පසුව පාසල භාරගනු ලැබුවේ උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ ආචාර්ය අභිධම්මික ඌරුගමුවේ නන්දාරාම හිමියන් ය.වසර 35ක කාලයක් සේවයක් පාසල වෙනුවෙන් කල ඩී.හේවාවිතාාරණ මහතා 1954 මාර්තු 23දින විශ්‍රාම ලැබීය.1954 මැයි මස1දින කොළඔ යුගයේ කවිියකු වු සුගුණපාල සමරසේකර ප්‍රධානාචාර්ය පත්වීම ලැබුවේය. නන්දාරාම හිමියන් හා සමරසේකර මහතාගේ උනන්දුව මත අඩි 60x20 ගොඩනැගිල්ලක් හා 60x20 තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කෙරුණි. 1960දී ජනවාරී 1දින සමරසේකර මහතා ගුරු පුහුණුවට යාම හේතුවෙන් හිස් වූ ධුරය සදහා සී.අලහප්පෙරුම මහතා පත්වීම ලැබුවේය. 1962 ජනවාරි 1සිට රදම්පොල පාසල රජයේ පාසලක් බවට පත් විය.ගුරු පුහුණුවෙන් පසු සමරසේකර මහතා ප්‍රධානාචාර්ය තනතුරට ගත් විය. 1936දී පාසල මහා විද්‍යාලයක් බවට පත් විය. 1936දී ජුනි මස දින ධනසේන කහැරආරච්චි මහතා පත්විය. 1964දී ජනවාරී මස 1දින සිට ඩී.එසි රණවක මහතා විදුහල්පති ලෙස කටයුතු කලේය. 1966දී ප්‍රථම වශයෙන් ශිෂ්‍යයන් 2කුට සරසවි වරම් ලබාගත හැකිවිය.
1968 ජනවාරි 1දින ද්විතීයික විද්‍යාලය හා කණිෂ්ඨ විද්‍යාලය ලෙස කොටස් 2ක් යටතේ විද්‍යාලය විදුහල්පතිවරු 2ක් යටතේ පාලනය විය. කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස ජිනදාස ගුණවර්ධන පත් විය.1968 ජනවාරී 31දින සෝමපාල මොහොට්ටි මහතා විදුහල්පති ලෙස පත් විය.1968 අගෝස්තු 1දින සිට 1968 අගෝස්තු 31 දක්වා බී. එදිරිසිංහ මහකා පත් විය.1969 සැප්තැම්බර් 1දින නැවතත් සෝමපාල මොහොට්ටි මහතා පත් විය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ කර සියවස් සැමරුම වූ හෙයින් වැඩසටහනක් හා සංකලන නම් වූ සගරාවක් එලි දැක්වීමටත් හැකි විය.1970 අගෝස්තු 6දින සිට කුමාරසේන මහතා විදුහල්පති බවට පත් විය. පානීය ජල ප්‍රශ්නයට විසදුමක් මෙතුමා විසින් ලබා දුනි.
1973 ඔක්තෝබර් 31දින ඩී.ඒ. සමරසේකර මහතා 1974 ජනවාරි 11දින විදුහල්පති ලෙස කටයුතු කලේය. 1974 ජනවාරි 18දින ඩබ්ලිව්.ඩී.ජේ.ඒ. නෙල්සන් ද සිල්වා විදුහල්පති ලෙස කටයුතු කලේය. 1974 අප්‍රේල් 1දින සිට 1976 ජනවාරි 13 දක්වා විජේසිංහ මහතා විදුහල්පති ලෙස කටයුතු කලේය. 1976 ජනවාරි 15දින සිට 1977 අගෝස්තු 22දක්වා ප්‍රේමරත්න රදම්පොල මහතා විදුහල්පති ලෙස කටයුතු කලේය. 1977 අගෝස්තු 2දින සිට 1983 මාර්තු 31දක්වා විදුහල්පති ලෙස කටයුතු කලේය. 1984 අප්‍රේල් 1දින සිට 1986 ජුනි 10 දක්වා එස්.ජී.ඒ.පතිරණ මහතා විදුහල්පති ලෙස පත් විය. පසුව ජී.ඩී.එන්. නානායක්කාර මහතාගේ ධන පරිත්‍යාගයෙන් පාසලට බුදුමැදුරක් ලබා දීමට කටයුතු කලේය. 1986 ජුනි 11දින සිට 1996 ඔක්තෝබර් 31දක්වා එච්.බී.ගුණසේන මහතා විදුහල්පති තනතුරට පත්විය. 1991 ජුනි 10සිට රදම්පොල මහා විද්‍යාලයක් ලෙස පැවති විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විය. 1996 නොවැම්බර් 1දින සිට 2002 මාර්තු 15 දක්වා ශාස්ත්‍රපති පූජ්‍ය අබේසේකරගම ගුණරතන හිමි විදුහල්පති තනතුරට පති විය. උන්වහන්සේ නිසා මෙම පාසලට ශ්‍රවණාගාරයක් , පරිගණක ඒකකයක් හා දුරකථන පහසුකම් ලබාගත හැකිවිය.
2002 මාර්තු 16 සිට 2004 ඔක්තෝබර් 25 දක්වා ආර්.ජී.මහානාම මහතා විදුහල්පති ලෙස පත් විය. 2004 ඔක්තෝබර් 25 දින සිට කේ.ඩබ්ලිව්. කරුණානන්ද මහතා 2013 ජනවාරි 23 දක්වා විදුහල්පති තනතුරෙහි කටයුතු කලේය. 2013 ජනවාරි 24 සිට 2022 දෙසැම්බර් 31 දක්වා වයි.ජී.විමල් කෝට්ටගොඩ මහතා විදුහල්පති තනතුරෙහි කටයුතු කලේය. එතුමා විසින් පාසලට අති මහත් විස්තර කිරීමට නොහැකි තරම් සේවයක් ඇති විය. එනම්, පාසලට තාක්ෂණ පීඨයක් , මහින්දෝදය විද්‍යාගාරයක් , පොකුණ සහිත මූර්තිියක් , පාසලේ බිම්භූමය ප්‍රනිසංස්කරණය , ජල පහසුකම් හා අන්තර්ජාල සබදතා හා ජාතික පාසලක් බවට පත් වී විටෙක කොරෝනා රෝගය පැතිරුණු අවස්ථාවල වුවද දිවයිනෙන් ම අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථක ලෙස ගෙන යමින් ප්‍රතිඵල ලබා දීමට තරම් එම පාසලේ විදුහල්පති හා ගුරුභවතුන් කැපකිරීමක් කර ඇතිබව පෙනී යයි. එමගින් පාසලට නව පිබිදීමක් ඇති විය.
-------------------------------------------------------------නිමි-----------------------------------------------------------------------------




